Tuesday, December 26, 2017

නුඹ සහ මම

ඉස්සරම   දවසක   මං  යනෙන  මග  දිගේ
බොර පාට නුඹේ ඇස් ලුහුබැන්දා මට හොරෙන්........
ඉරි වැටුන ටයි පටිය රැලි වැටුන සුදු ගවුම
විතරමනෙ මගෙ ලෝකෙ නුඹ් නෙවෙයි ඒ කාලේ

මං ලගදි ගොළු වෙච්ච කටකාර නුඹේ මුව
රතු වෙච්ච ඇස් දෙකේ පුරා රැදි කදුළු පට
දුටුවාම දවසක දැනුන නුඹෙ ආදරේ
මගෙ ලෝකෙ නුඹම වී ඉගිලුනෙමි සිහිනයක
නුඹෙන් තොර ලොවක් තව තිබුනෙ නැති තරම් මට

දෛවයේ සරදමද පෙර කෙරූ පාපයද
තවම දන්නෑනෙ මං අපි අපෙන් වෙන් කලේ
නුඹෙන් උදුරා මාව මනාලිය කර ඔහුගෙ
ගැරහුවා බොලද යැයි අපි කෙරූ ආදරේ

අපි අපෙන් වෙන්වෙලා බෝ කලක් ගතවෙලා
වියපත්ව ගියදාක අහම්බෙන් දුටිමි නුඹ
ඉස්සරම දවසක දුටුව ඒ ආදරේ
බොරපාට ඇස් දෙකේ ඇතුලේම හංගාන
තනිකඩයි තාම මං නුඹ කීවෙ පැටලෙමින්

සමාවෙනවාද මට අසන්නේවත් කොහොම
තුන් හිතම හිරිවැටී අසිහි වී ඇත මාව
පෙම් කලේ නැද්ද මං අසමි මං මගෙ හිතින්.......
බොරපාට ඇස් දෙකේ කදුළු පිසදාලන්න
එකම එක වතාවක් ඉඩක් දෙනවාද මට
වෙන් නොවී ලග ඉන්න ඉපිද මතු ආත්මයක.........

10 comments:

  1. පාත් වුණු තුරු වියන තවමත් සුසුම් දුන් මතකය තියේ
    කාත් කවුරුත් නොමැති අසුනක විරහවේ ස්වර තත් වැයේ
    මාත් සමගම මගේ හදවත තවත් ඈතටනම් නොයේ
    ආත් මයෙ මතු ළඟ රැදෙන්නට පුරමු පෙරුමන් මා ප්‍රියේ....

    ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. පිවිතුරුය පලමු පෙම
    බිහිසුනුය බිදුනු දින
    ලෙන්ගතුය සුවද පොද
    සුදු හාමිනේ තනිකඩය තවම මම

    ගොඩාක් ස්තුතියි දුමින්ද අයියේ

    ReplyDelete
  3. හ්ම්ම්. ගොඩාක් ස්තුතියි ඔබටත්

    ReplyDelete
  4. ෆ්ලෝර් කරන්න තැනක් දාගන්ඩෝ

    ReplyDelete
  5. හා.මගෙ blog එක බලන්න කාලය වෙන් කරාට ස්තුතියි.

    ReplyDelete
  6. අද තමා මේ පැත්තට ආවෙ...මරු

    ReplyDelete
  7. ඒක තමයි මේ තරම් සැරක් ආවේ.
    ස්තූතියි ඔබටත්..........

    ReplyDelete
  8. හිතන්නේ නැතුව ගන්න එක තීරණයක් ඇති මුළු ජීවිත කාලෙම දුක් විදින්න.

    ReplyDelete
  9. ඔව්.ඒකෙන් අපේ විතරක් නෙවෙයි.තවත් අහිංසක.ජීවිතයක් විනාශ වෙන්න පුලුවන්

    ReplyDelete

නුඹ සහ මම

ඉස්සරම   දවසක   මං  යනෙන  මග  දිගේ බොර පාට නුඹේ ඇස් ලුහුබැන්දා මට හොරෙන්........ ඉරි වැටුන ටයි පටිය රැලි වැටුන සුදු ගවුම විතරමනෙ මගෙ ලෝකෙ...