Tuesday, December 26, 2017

නුඹ සහ මම

ඉස්සරම   දවසක   මං  යනෙන  මග  දිගේ
බොර පාට නුඹේ ඇස් ලුහුබැන්දා මට හොරෙන්........
ඉරි වැටුන ටයි පටිය රැලි වැටුන සුදු ගවුම
විතරමනෙ මගෙ ලෝකෙ නුඹ් නෙවෙයි ඒ කාලේ

මං ලගදි ගොළු වෙච්ච කටකාර නුඹේ මුව
රතු වෙච්ච ඇස් දෙකේ පුරා රැදි කදුළු පට
දුටුවාම දවසක දැනුන නුඹෙ ආදරේ
මගෙ ලෝකෙ නුඹම වී ඉගිලුනෙමි සිහිනයක
නුඹෙන් තොර ලොවක් තව තිබුනෙ නැති තරම් මට

දෛවයේ සරදමද පෙර කෙරූ පාපයද
තවම දන්නෑනෙ මං අපි අපෙන් වෙන් කලේ
නුඹෙන් උදුරා මාව මනාලිය කර ඔහුගෙ
ගැරහුවා බොලද යැයි අපි කෙරූ ආදරේ

අපි අපෙන් වෙන්වෙලා බෝ කලක් ගතවෙලා
වියපත්ව ගියදාක අහම්බෙන් දුටිමි නුඹ
ඉස්සරම දවසක දුටුව ඒ ආදරේ
බොරපාට ඇස් දෙකේ ඇතුලේම හංගාන
තනිකඩයි තාම මං නුඹ කීවෙ පැටලෙමින්

සමාවෙනවාද මට අසන්නේවත් කොහොම
තුන් හිතම හිරිවැටී අසිහි වී ඇත මාව
පෙම් කලේ නැද්ද මං අසමි මං මගෙ හිතින්.......
බොරපාට ඇස් දෙකේ කදුළු පිසදාලන්න
එකම එක වතාවක් ඉඩක් දෙනවාද මට
වෙන් නොවී ලග ඉන්න ඉපිද මතු ආත්මයක.........

Tuesday, December 5, 2017

දොර කවුලු හැර උනිමි
නුඹෙ සුවද එයි කියා
නමුදු මං දැන් දනිමි
නුඹ ඇගේ වූ නියා

නෙතට ලංවී රහස් කෙදිරූ
විදුබිමේ ගෙවූ සොඳුරු දිනයන්
මටම විතරද මතක් වෙන්නේ
රිදව රිදවා හැම වෙලේ

පිදූ සෙනෙහස නමින් නුඹ හට
අසමි පැනයක් අවසරද මට
හැර දමා මං ඇගෙ ලොවේ අද
කියනු මැන සතුටින්ද මගෙ පණ

නුඹ සහ මම

ඉස්සරම   දවසක   මං  යනෙන  මග  දිගේ බොර පාට නුඹේ ඇස් ලුහුබැන්දා මට හොරෙන්........ ඉරි වැටුන ටයි පටිය රැලි වැටුන සුදු ගවුම විතරමනෙ මගෙ ලෝකෙ...