දෑස් ලැබුනේ කිමද
අපුල වූ දේ පෙනේනම්
සවන් ලැබුනේ කිමද
ලොවෙන් ගැරහුම් ලැබේනම්
දෙඅත් මේ මට කුමකටද
නුබේ අත වෙනතක රැදේනම්
දෙපා මේ මට කුමකටද
එක්ව නුඹ හා යන්න බැරි නම්
නුඹේ නමටම ඉකි ගසන හද
සනසගන්නේ කෙලෙසදෝ මම
අසම්මත පෙම ලොවෙන් සගවා
මියැදෙන්නදෝ නුබෙ නමින්