Thursday, November 30, 2017

අසම්මත පෙම

දෑස් ලැබුනේ කිමද
අපුල වූ දේ පෙනේනම්
සවන් ලැබුනේ කිමද
ලොවෙන් ගැරහුම් ලැබේනම්


දෙඅත් මේ මට කුමකටද
නුබේ අත වෙනතක රැදේනම්
දෙපා මේ මට කුමකටද
එක්ව නුඹ හා යන්න බැරි නම්


නුඹේ නමටම ඉකි ගසන හද
සනසගන්නේ කෙලෙසදෝ මම
අසම්මත පෙම ලොවෙන් සගවා
මියැදෙන්නදෝ නුබෙ නමින්

නුඹ සහ මම

ඉස්සරම   දවසක   මං  යනෙන  මග  දිගේ බොර පාට නුඹේ ඇස් ලුහුබැන්දා මට හොරෙන්........ ඉරි වැටුන ටයි පටිය රැලි වැටුන සුදු ගවුම විතරමනෙ මගෙ ලෝකෙ...