ඉස්සරම දවසක මං යනෙන මග දිගේ
බොර පාට නුඹේ ඇස් ලුහුබැන්දා මට හොරෙන්........
ඉරි වැටුන ටයි පටිය රැලි වැටුන සුදු ගවුම
විතරමනෙ මගෙ ලෝකෙ නුඹ් නෙවෙයි ඒ කාලේ
මං ලගදි ගොළු වෙච්ච කටකාර නුඹේ මුව
රතු වෙච්ච ඇස් දෙකේ පුරා රැදි කදුළු පට
දුටුවාම දවසක දැනුන නුඹෙ ආදරේ
මගෙ ලෝකෙ නුඹම වී ඉගිලුනෙමි සිහිනයක
නුඹෙන් තොර ලොවක් තව තිබුනෙ නැති තරම් මට
දෛවයේ සරදමද පෙර කෙරූ පාපයද
තවම දන්නෑනෙ මං අපි අපෙන් වෙන් කලේ
නුඹෙන් උදුරා මාව මනාලිය කර ඔහුගෙ
ගැරහුවා බොලද යැයි අපි කෙරූ ආදරේ
අපි අපෙන් වෙන්වෙලා බෝ කලක් ගතවෙලා
වියපත්ව ගියදාක අහම්බෙන් දුටිමි නුඹ
ඉස්සරම දවසක දුටුව ඒ ආදරේ
බොරපාට ඇස් දෙකේ ඇතුලේම හංගාන
තනිකඩයි තාම මං නුඹ කීවෙ පැටලෙමින්
සමාවෙනවාද මට අසන්නේවත් කොහොම
තුන් හිතම හිරිවැටී අසිහි වී ඇත මාව
පෙම් කලේ නැද්ද මං අසමි මං මගෙ හිතින්.......
බොරපාට ඇස් දෙකේ කදුළු පිසදාලන්න
එකම එක වතාවක් ඉඩක් දෙනවාද මට
වෙන් නොවී ලග ඉන්න ඉපිද මතු ආත්මයක.........
පාත් වුණු තුරු වියන තවමත් සුසුම් දුන් මතකය තියේ
ReplyDeleteකාත් කවුරුත් නොමැති අසුනක විරහවේ ස්වර තත් වැයේ
මාත් සමගම මගේ හදවත තවත් ඈතටනම් නොයේ
ආත් මයෙ මතු ළඟ රැදෙන්නට පුරමු පෙරුමන් මා ප්රියේ....
ලස්සනයි.
ජයවේවා!!!
පිවිතුරුය පලමු පෙම
ReplyDeleteබිහිසුනුය බිදුනු දින
ලෙන්ගතුය සුවද පොද
සුදු හාමිනේ තනිකඩය තවම මම
ගොඩාක් ස්තුතියි දුමින්ද අයියේ
අවසරයි.. :)
ReplyDeleteඅපූරුයි!!!
හ්ම්ම්. ගොඩාක් ස්තුතියි ඔබටත්
ReplyDeleteෆ්ලෝර් කරන්න තැනක් දාගන්ඩෝ
ReplyDeleteහා.මගෙ blog එක බලන්න කාලය වෙන් කරාට ස්තුතියි.
ReplyDeleteඅද තමා මේ පැත්තට ආවෙ...මරු
ReplyDeleteඒක තමයි මේ තරම් සැරක් ආවේ.
ReplyDeleteස්තූතියි ඔබටත්..........
හිතන්නේ නැතුව ගන්න එක තීරණයක් ඇති මුළු ජීවිත කාලෙම දුක් විදින්න.
ReplyDeleteඔව්.ඒකෙන් අපේ විතරක් නෙවෙයි.තවත් අහිංසක.ජීවිතයක් විනාශ වෙන්න පුලුවන්
ReplyDelete