ඉස්සරම දවසක මං යනෙන මග දිගේ
බොර පාට නුඹේ ඇස් ලුහුබැන්දා මට හොරෙන්........
ඉරි වැටුන ටයි පටිය රැලි වැටුන සුදු ගවුම
විතරමනෙ මගෙ ලෝකෙ නුඹ් නෙවෙයි ඒ කාලේ
මං ලගදි ගොළු වෙච්ච කටකාර නුඹේ මුව
රතු වෙච්ච ඇස් දෙකේ පුරා රැදි කදුළු පට
දුටුවාම දවසක දැනුන නුඹෙ ආදරේ
මගෙ ලෝකෙ නුඹම වී ඉගිලුනෙමි සිහිනයක
නුඹෙන් තොර ලොවක් තව තිබුනෙ නැති තරම් මට
දෛවයේ සරදමද පෙර කෙරූ පාපයද
තවම දන්නෑනෙ මං අපි අපෙන් වෙන් කලේ
නුඹෙන් උදුරා මාව මනාලිය කර ඔහුගෙ
ගැරහුවා බොලද යැයි අපි කෙරූ ආදරේ
අපි අපෙන් වෙන්වෙලා බෝ කලක් ගතවෙලා
වියපත්ව ගියදාක අහම්බෙන් දුටිමි නුඹ
ඉස්සරම දවසක දුටුව ඒ ආදරේ
බොරපාට ඇස් දෙකේ ඇතුලේම හංගාන
තනිකඩයි තාම මං නුඹ කීවෙ පැටලෙමින්
සමාවෙනවාද මට අසන්නේවත් කොහොම
තුන් හිතම හිරිවැටී අසිහි වී ඇත මාව
පෙම් කලේ නැද්ද මං අසමි මං මගෙ හිතින්.......
බොරපාට ඇස් දෙකේ කදුළු පිසදාලන්න
එකම එක වතාවක් ඉඩක් දෙනවාද මට
වෙන් නොවී ලග ඉන්න ඉපිද මතු ආත්මයක.........
Tuesday, December 26, 2017
Subscribe to:
Posts (Atom)
නුඹ සහ මම
ඉස්සරම දවසක මං යනෙන මග දිගේ බොර පාට නුඹේ ඇස් ලුහුබැන්දා මට හොරෙන්........ ඉරි වැටුන ටයි පටිය රැලි වැටුන සුදු ගවුම විතරමනෙ මගෙ ලෝකෙ...
-
ඉස්සරම දවසක මං යනෙන මග දිගේ බොර පාට නුඹේ ඇස් ලුහුබැන්දා මට හොරෙන්........ ඉරි වැටුන ටයි පටිය රැලි වැටුන සුදු ගවුම විතරමනෙ මගෙ ලෝකෙ...
-
දොර කවුලු හැර උනිමි නුඹෙ සුවද එයි කියා නමුදු මං දැන් දනිමි නුඹ ඇගේ වූ නියා නෙතට ලංවී රහස් කෙදිරූ විදුබිමේ ගෙවූ සොඳුරු දිනයන් මටම විතර...
-
දෑස් ලැබුනේ කිමද අපුල වූ දේ පෙනේනම් සවන් ලැබුනේ කිමද ලොවෙන් ගැරහුම් ලැබේනම් දෙඅත් මේ මට කුමකටද නුබේ අත වෙනතක රැදේනම් දෙපා මේ මට කුමක...