Tuesday, December 5, 2017

දොර කවුලු හැර උනිමි
නුඹෙ සුවද එයි කියා
නමුදු මං දැන් දනිමි
නුඹ ඇගේ වූ නියා

නෙතට ලංවී රහස් කෙදිරූ
විදුබිමේ ගෙවූ සොඳුරු දිනයන්
මටම විතරද මතක් වෙන්නේ
රිදව රිදවා හැම වෙලේ

පිදූ සෙනෙහස නමින් නුඹ හට
අසමි පැනයක් අවසරද මට
හැර දමා මං ඇගෙ ලොවේ අද
කියනු මැන සතුටින්ද මගෙ පණ

4 comments:

  1. හිතක් නැතුවා සේම වෙන්වී ගියෙමි හැරදා නුඹව පෙරදින
    මතක් වෙනවිට වාව ගන්නට නොහැක කදුළැලි වැටෙයි හෙමිහිට
    එදත් වාගෙම අදත් තැවි තැවී හිදිමි ඒ වැරදුමක තීරණ
    ඉතිං මතු බව යලිත් ළංවෙමු නොහඩමින් ඉනු නුඹයි මගෙ පණ

    ReplyDelete
  2. දුමින්ද ගේ පාරෙන් ආවේ.. දිගටම ලියන්න. ජයවේවා!

    ReplyDelete
  3. ගොඩාක් ස්තූතියි .පුළුවන් විදියට ලියන්නම්

    ReplyDelete

නුඹ සහ මම

ඉස්සරම   දවසක   මං  යනෙන  මග  දිගේ බොර පාට නුඹේ ඇස් ලුහුබැන්දා මට හොරෙන්........ ඉරි වැටුන ටයි පටිය රැලි වැටුන සුදු ගවුම විතරමනෙ මගෙ ලෝකෙ...